කෝවිඩ් - 19 වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමේ පියවරක් ලෙස කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා එක දිගටම ක්‍රියාත්මක කෙරුණු ඇදිරි නීතිය මාස දෙකකුත් සතියකට පමණ පසුව හෙට(26) ඉවත් කෙරෙයි.
ඒ අනුව හෙට සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය දහවල් කාලයේ ඉවත් කෙරෙන අතර රාත්‍රී 10,00 සිට අළුයම 4.00 දක්වා පැය හයක කාලයක් පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව රජය නිවේදනය කරයි.
රටේ කෝවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය බොහෝ දුරට පාලනය වී ඇති හෙයින් මුළු රටේම ඇඳිරි නීතිය ලිහිල් කිරීමට පියවර ගත් බව රජයේ නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.