කොළඹ ප්‍රදේශයේ ඇඳිරි නීතිය නිසා කොටුවී සිටින මහජනතාවට බෙදාදීම සඳහා යුද හමුදාව වෙත එළවලු කිලෝ ලක්ෂ එකහමාරක ප්‍රමාණයක් නොමිලේ ලබාදීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරික මහතෙකු අද ( 20) දින කටයුතු කළේය.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලීමක් පරිදි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු වූ පී .ජි . එස් .පියසේන ගමගේ ව්‍යාපාරික මහතා තම පෞද්ගලික ධනයෙන් මෙලෙස එළවලු කිලෝ 150,000 ක ප්‍රමාණයක් සිය ව්‍යාපාරිකයින් ගේ සහයෝගය ඇතිව මිලදීගෙන යුධ හමුදාව වෙත බාර කිරීම සිදු කෙරිණි.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟ ඊයේ ( 19) දින රාත්‍රියේ සාකච්ඡා කොට එළවලු මිලදී ගැනීම ආරම්භ කළ බවත් මෙම හේතුවෙන් විශාල වශයෙන් පහළ ගොස් තිබූ එළවලු මිල ද යම් මට්ටමකින් ඉහළ ගිය බවද එළවලු විකුණා ගැනීමට නොහැකිව අසරණ වී සිටි ගොවීන්ට මෙන්ම එළවලු ලාබාගැනීමට නොහැකිව සිටින ජනතාවට සහනයක් ලෙස මේ කටයුත්ත සිදුකල බව හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එළවලු පැටවීමේ අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේය.
පියසේන ගමගේ මහතාගේ මුල්‍ය පරිත්‍යාගයෙන් මෙම එළවලු කිලෝ 150,000 ක ප්‍රමාණය වෙළෙඳ සංගමයේ සාමාජිකයන් විසින් ලබාගෙන දඹුල්ල ගම්උදාව ක්‍රීඩංගණයට රැගෙන ගොස් යුද හමුදාවේ වාහන වලට ඒවා පැටවීම සිදු කරනු ලැබූහ.
මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ හතරවෙනි සේවා බලඇණියේ අණදෙන නිලධාරි ලුතිනල් කර්නල් කපිල නොල්ටන් මහතා කියා සිටියේ ව්‍යාපාරික මහතා විසින් පරිත්‍යාග කළ එළවලු කිලෝ 150,000 ක ප්‍රමාණය කොළඹ මූලස්ථානයට රැගෙන ගොස් කොළඹ අවට ප්‍රදේශවල ඉන්න ජනතාවට යුද හමුදාව හරහා නොමිලේ ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් එළවලු තොග මිල පහත වැටී මිලදී ගැනීමට පිරිස් නොමැතිව සිටින අවස්ථාවක ලැබුණු එළවලු තොග වලින් කිලෝ 150,000 ප්‍රමාණයක් මිලදී ගැනීම හේතුවෙන් අනෙකුත් එළවලු ද්‍රව්‍යද යම් මට්ටමකින් ඉහළ ගොස් ගොවියාට සාධාරණ මිලක් හිමිවීම විශේෂත්වයකි.
එළවලු මිලදී ගෙන යුද හමුදාව වෙත පරිත්‍යාග කිරීමේ කටයුත්ත සිදු කළ පියසේන ගමගේ ව්‍යාපාරික මහතා අදහස් දක්වමින් කියා සිටියේ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා තමාගෙන් කළ ඉල්ලීම අනුව ව්‍යාපාරිකයෙකුගේ යුතුකම වගකීම තමා ඉටුකළ බව ය. රජය මහජනතාව ගොවි ජනතාව corona වසංගතයේ නිසා අපහසුතාවයකට පත්ව සිටින අවස්ථාවක සෑම අයෙකුම තමන්ට හැකි උපරිම ආකාරයෙන් සහයෝගය දැක්විය යුතු බවත් තමන් සිදුකළේ ද එවැනි රට වෙනුවෙන් කැප කිරීමක් බව ද හෙතෙම සඳහන් කළේය.
කාංචන කුමාර ආරියදාස