කොළඹ දිස්ත්‍රික්කයෙහි ඇඳිරිනීතිය ඉවත් කරන දිනය වනවිට රජයෙහි සහ පෞද්ගලික අංශයෙහි රාජකාරී වලට වාර්තා කිරීමට නියමිත සේවක සේවිකාවන්ට විධිමත් ක්‍රමවේදයක් හරහා ප්‍රවාහන පහසුකම් සැලසීමට "ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය" විසින් සැලසුම් සකස්කොට ඇත.
රජයේ හෝ පෞද්ගලික අංශයෙහි සේවා ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින එම ආයතනයන් ශ්‍රී ලංකාගමනා ගමන මණ්ඩලයෙහි බස්රථ මගින් ප්රෙවාහන පහසුකම් සලසාගැනීමට අදහස් කරන්නේනම් එම ආයතනයන්හි නම්, එක් එක් මාර්ගයන්හි ගමන් කිරීමට බලාපොරොත්තුවන සේවක සංඛ්‍යාව සහ ආයතනයේ සම්බන්ධිකරණ නිලධාරියාගේ තොරතුරු ඇතුලත් කර [email protected] වෙත Email පණිවිඩයක් ලබාදීම මගින් එම සේවාව ලබාගැනීම සඳහා ලියාපදිංචි වියහැකිය.
මෙ මගින් එම එක් එක් ආයතනයන්හි සේවයෙහි නියුතු සේවක සේවිකාවන්ට ආයතනික මට්ටමින් බස්රථ යෙදවීමට සැලසුම් සකස් කර ඇති බැවින් මේ මස (2020-04-28) වන දිනට අදාළ තොරතුරු ලබාදෙනමෙන් ඔවුන් ඉල්ලා සිටියි.
Email හෝ Fax මගින් එවන තොරතුරු මත පමණක් මෙම බස්රථ ලබාදෙන බවත් වැඩිදුර තොරතුරු සඳහා 0771056032 යන අංකය අමතන ලෙසත් ඔවුන් සඳහන් කරයි.
Fax - 0112505408
වැඩිදුර තොරතුරු සඳහා "Sri Lanka Transport Board - SLTB" නමින් හෝ මෙම ලින්ක් එක හරහා https://www.facebook.com/officialSLTB/ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිළ ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න..