කොළඹ නගරයේ ඉදිකිරීම් සිදුකර අතරමග නතර කර තිබෙන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට අවශය පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.
පසුගිය ආණ්ඩු කාලයේ දී ඉදිකිරීම් ක්ෂේත්රයේ ප්‍රබල කඩාවැටීමක් තිබුණු බවත් ඇතැම් කොන්ත්‍රාත්කරුවන් ඇතැම් ගොඩනැගිලි ඉදිකිරිම අතරමග නතරකොට ඇති නිසා එම නිවාස ව්‍යාපෘති වෙනුවෙන් මුදල් වෙන් කෙරුණු ජනතාව අසීරුතාවයට පත්ව ඇති බවත් එම තත්ත්වය කඩිනමින් වෙනස් කොට එම අතරමග නතර කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
අතරමඟ නතර වී තිබෙන ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ බලයලත් නිලධාරියා වශයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා පත්කර තිබේ.
2020 වසරේ ජුනි මාසයේ සිට මෙම පත්කිරීම සිදුකර ඇති අතර අතරමඟ නතර කර තිබෙන ඉදිකිරීම් ව්‍යාපෘති ගැන සොයා බලා එම ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම පත්කිරීම සිදුකර තිබේ.
එම උපදෙස් අනුව ඉදිකිරීම් ක්ෂේත්රයේ නැවතී තිබූ ඉදිකිරීම් කටයුතු යළි ඇරඹුණේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී පසුගිය කාලයේ ආරම්භ කර අඩක් නිමකර වැඩ නතරකර තිබූ කොළඹ කොම්පඤා්ඤාවීදීය දුම්රිය ස්ථානය අසල ඉඩමක පිහිටි මහල් නිවාස ඒකකයක් තෝරාගෙන තිබිණ. ඩෙස්ටනී නිවාස ව්‍යාපෘතිය නමින් හැඳින්වෙන මෙම නිවාස 300 ක් තිබෙන අතර, එම නිවාස සියල්ල ම ඒවයේ හිමිකරුවන් මුදල් ගෙවා තිබිණ.
අද දින (20) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා කියා සිටියේ මෙම නිවාස වෙනුවෙන් මුදල් ගෙවා තිබෙන සියලුම දෙනාට එම නිවාසවල ඉදිකිරීම් අවසන් කර ලබා දීමට කටයුතු කරන බවයි.