කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුල කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 1155 දක්වා ඉහළ ගොස් ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .
වැඩිම රෝගීන් පිරිස පිරිස වන 196 දෙනෙකු බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ වාර්තා වේ.
එයින් 132 නෙකු අටුලුගම ඇතුළු හුදකලා කරන ලද ග්‍රාම සේවා වසම් වලින් වාර්තා වේ
අටුලුගම ඇතුළු එම හුදකලා වසම් වලින් පෙරේදා 23 රාත්‍රියේ පමණක් කොරෝනා වෛරසය ආසාදිතයන් 74 නෙකු වාර්තා වූ අතර (24 ) බමුණුමුල්ල තයිබර් ශාලා භූමියේ දී සිදු කළ රැපික් ඇන්ටිජන් පී.සී.ආර් පරීක්ෂාවේ දී ද ආසාදිතයන් 30 කට අධික ප්‍රමාණයක් අනාවරණය වූ බව සමන් ගීගන ගේ මහතා පැවසීය
හොරණ, ඉංගිරිය ,මදුරාවල ,බුලත්සිංහල හා මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශ වලද ආසාදිතයන් ගේ ප්‍රමාණය ඉහල මට්ටමක පවතී
දොඩම්ංගොඩ හා වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ වලින් ආසාදිතයන් වාර්තා වීම පසුගිය කාලයේ අවම මට්ටමක පැවතියද ඉකුත් දින කීපය තුළ ආසාදිතයන්ගේ වාර්තා වීම වර්ධනයක් දකින්නට ලැබුණු බව ඒ පිළිබඳව සිදු කළ සොයා බැලීමේදී එම පුද්ගලයන් කොළඹ නගරයේ රැකියාව කරන අය බවට වැඩිදුරටත් හෙළි වූ බව ගීගනගේ මහතා පැවසීය
බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයෙන් ආසාදිතයින් මේ අයුරින් වර්ධනය වීම ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක විශාල ජන ගහනයක් ඉන්න තැනක විශාල රෝගීන් සංඛ්‍යාවක් තමයි වාර්තා වී තිබෙන්නේ .මෙය ඉතා දැඩි අවධානමක් යැයි සමන් ගීගන ගේ මහතා වැඩිදුරටත් පැවසීය
අටුලුගම ඇතුළු හුදකලා කරන ලද ග්‍රාම සේවා වසම් වල පදිංචි කරුවන් ගේ සංචරනයන් සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සදහා පනාගොඩ ඩ්‍රෝනා රෙජිමේන්තුවේ හමුදා නිලධාරීන් පැමිණ ඩ්‍රෝනා කැමරා යොදවා පරීක්ෂණ සිදු කළහ