කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් කළුතර ග්‍රාම සේවා වසම් දහයක් පූර්ණ හා අර්ධ වශයෙන් අද 20 හුදකලා කළ බව කළුතර මහ දිසාපති ප්‍රසන්න ගිනිගේ මහතා පැවසීය .
මේ අනුව කළුතර දකුණ 725 සහ 725 ඒ , වේලාපුර,මහමහවත්ත , කුඩා හීනටිගල, කුරුඳුවත්ත ,අක්කර ගොඩ ,වෙට්ටුමකඩ ,කලපුව කොටසක් මෙලෙස හුදකලා කර බව දිසාපතිවරයා වැඩිදුරටත් කීය
එම ප්‍රදේශ වලින් පමණක් මේ වන විට කොරෝනා ආසාදිතයන් කිසි පනස් හයක් පමණ වාර්තා වී ඇති අතර ගෙවුණු සති දෙක තුළ පමණක් එයින් එකසිය පනහකට ආසන්න පිරිසක් වාර්තාවී ඇත.
හුදෙකලා කරන ලද එම ග්‍රාම සේවා වසම් වල පවුල් 3000ක් පමණ සිටින අතර ජනගහණය 15000 පමණ බව කළුතර ප්‍රාදේශීය ලේකම් සිසිර හෙන්නායක මහතා කීය .
මේ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, බණ්ඩාරගම කළුතර හා බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම සේවා වසම් විසිපහකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට හුදකලා කර ඇතැයි දිසාපතිවරයා වැඩිදුරට කීය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ