කැළණි ගගට කැළි කසල බැහැර කරන්නන් හදුනාගැනීම සදහා හංවැල්ල සිට පෑලියගොඩ දක්වා පාලම් කිහිපයකට සීසීටීවී කැමරා සවි කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
බස්නාහිර පළාතේ ප්‍රධාන ගංගාවක් වන කැළණි ගග සංරක්ෂණයට සුරකිමු ගංගා වැඩපිළිවෙල යටතේ පූර්ණ අවධානය යොමුව තිබෙනවා.
අපේ රටේ ඇති ගංගා පද්ධතියෙන් දූෂිතම ජලය සහිත ගංගාව ලෙස කැළණි ගග හදුනාගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් සියයට 80 ක් පානීය ජල අවශ්‍යතාව සපුරන්නේ ද කැළණි ගග මගින්. ගංගා සංරක්ෂණයට වැය කරන මුදල්වලින් වැඩි ප්‍රතිශතයක් කැළණි ගග සංරක්ෂණයට යොමු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.