කළුබෝවිල ආසිරි මාවතේ, ගිනි ගත් මෝටර් රථයක් තුළදී පිළිස්සී මියගොස් සිටි පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී ඉකුත් (16දා) සිදුකළ අතර එහිදී මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබා දෙමින් සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගත් බව කොහුවල පොලීසිය පවසයි.
මෙසේ මියගොස් සිටියේ කළුබෝවිල භාතිය මාවතේ පදිංචි මොහොමඩ් නසාර් මොහොමඩ් නස්වාන් (33) නමැති ව්‍යාපාරිකයකු බව පොලීසිය කියයි .
මෙම පුද්ගලයා සිය මෝටර් රථයෙන් ඉකුත් 10 දා රාත්‍රි කළුබෝවිල ආසිරි මාවත ප්‍රදේශයේ අතුරු මාර්ගයකට පැමිණි අවස්ථාවේ දී අධික ශබ්දයක් සහිතව පිපිරීමක් සමඟ එම මෝටර් රථය ගිනිගෙන විනාශ වී තිබූ අතර එහිදී ඒ තුළ සිරවී සිටි රථයේ හිමිකරු ද හඳුනා ගත නොහැකි තරමටම පිළිස්සී මිය ගොස් තිබුණි .
පසුව සිද්ධිය වූ ස්ථානයට රජයේ රස පරීක්ෂකවරයා පැමිණ මෝටර් රථය පූර්ණ පරීක්ෂාවකට ලක් කල අතර අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ ආරම්භ කෙරුණි.
පසුව සිද්ධිය වූ ස්ථානයට ගල්කිස්ස වැඩබලන මහෙස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කළ අතර මියගොස් සිටි පුද්ගලයා හඳුනා ගත නොහැකි තරමටම පිළිස්සී මියගොස් තිබූනි .
ඒ අනුව මියගිය පුද්ගලයාගේ හා ඔහුගේ ඥාතීන්ගෙන් සිරුරේ කොටස් ගෙන ඩී.එන්.ඒ පරීක්ෂණයකට යොමු කොට සිරුර හඳුනා ගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරිය එහිදී පොලිසියට නියෝග කෙරිණි .
ඒ අනුව මියගිය පුද්ගලයාගේ හා ඔහුගේ මවගේ හා පියාගේ සිරුරේ කොටස් ගෙන ඩී.එන්.ඒ පරීක්ෂණයකට යොමු කළ අතර එහිදී මියගිය පුද්ගලයා හඳුනා ගැනීමට හැකි වූ බව අතිරේක රස පරීක්ෂක ඩී . එච් .එල් . ඩබ්ලිව් . ජයමාන්න මහතා තහවුරු කර තිබූ බව පොලිසිය කියයි.
මීට අමතරව මෙම පුද්ගලයාගේ සිරුර පී.සී.ආර් පරීක්ෂණයකට ද යොමු කර තිබූ අතර එහිදී ඔහුට කොරෝනා රෝගය වැළඳී නොමැති බවට තහවුරු වී තිබුණි.
ඒ අනුව කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ,විශේෂඥ වෛද්‍ය පී බී දසනායක මහතාගේ මෙහෙයවීමෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය චතුර නන්දසිරි මහතා විසින් මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ පරීක්ෂණයේදී ඉකුත් (16) දා සිදු කර තිබුණි .
එහි වාර්තාව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර භූමදාන කටයුතු සඳහා සිරුර මියගිය පුද්ගලයාගේ මවට හා සොහොයුරාට භාරදුන් බව පොලීසිය කියයි.
මත්තෙගොඩ ශාන්ත