අම්බලන්ගොඩ කහව වෙරළ තීරයෙන් මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු ඊයේ (1දා) රාත්රියේ සිට අතුරුදහන්වී ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ අතුරුදහන්වී ඇත්තේ ඇල්ල උදාර ඇල්ල, හෙට්ටිපොළවත්ත එකම ලිපිනයේ පදිංචි පෙරෙකුම් නිලාන් නමැති දහනව හැවිරිදි තරුණයෙකු හා විසි හැවිරිදි චින්තක ජූඩ් නිලාන් පියරත්න නමැති තරුණයෙක් බවද පොලීසිය කියයි.
මෙම තරුණයින් දෙදෙනා මෙට්ට වෙළදාම සදහා බණ්ඩාරවෙළ සිට අම්බලන්ගොඩට පැමිණි දෙදෙනෙකු බවද පොලීසිය කියයි. අතුරුදහන්වූ මේ තරුණයින් දෙදෙනාගේ සිරුරු සොයා ගැනීමට නාවික හමුදාවද කැඳවූ බවද පොලීසිය කියයි.