පිළියන්දල කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බවට පි සි ආර් පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි
එම පිරිවෙනේ වැඩ වසන හිමිනමකගේ මවක් ඉකුත් 2 දින කටුනායක සිට පිරිවෙණට පැමිණ හිමිනම මුණගැසී සුවදුක් විමසා තවත් හිමිවරුන් පස් දෙනෙක් සමග පැයක් පමණ කතාබස් කරමින් සිට පිටවී යාමෙන් අනතුරුව ඇයට උණ රෝග ලක්ෂණ පහළ වී රෝහල් ගත කිරීමෙන් පසු කොවිඩ් 19 වෛරසය ශරීරගත වී ඇති බවට වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වී තිබිණි.
ඒ හේතුවෙන් එම පිරිවෙනේ වැඩ වසන හිමිවරුන් 69ක් හා ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු වල නියැලෙන පෙදරේරුවන් 15 දෙනෙකු ඇතුළු 89 දෙනකු 13 වෙනි දින සිට පිරිවෙණ තුලම ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසිය මගින් කටයුතු කර තිබිණි.
කටුනායක සිට පැමිණි මව සමග කතාබස් කරමින් සිටි හිමිවරුන් පස්දෙනා පි සි ආර් පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව ඊයේ 17 ලද වෛද්‍ය වාර්තාවලින් මේ බව අනාවරණය වී ඇතැයි පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා පැවසීය .