කහතුඩුව හයිඩ්‍රාමනී ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීම නිසා එම කර්මාන්ත ශාලාව එළඹෙන හෙට(23දා) දක්වා වසා දැමීමට, පියවර ගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
මේ වන විට එම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවක සේවිකාවන් 2100 ක් අතුරින් හාරසිය දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති අතර ඉන් 360 දෙනකුගේ වාර්තා මේ වන විට ලැබී ඇති බවද එම කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.
එහිදී කිරිවත්තුඩුව තාරකා සේවනේ හා මොරගහහේන තලගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී තිබූ අතර ඉන් එක් කාන්තාවක් ඇඟලුම් ආයතයේ හෙද නිලධාරිනිය බවද පැවසේ .
මේ අතර සිදුකළ පි..සී.ආර් පරීක්ෂණ 40 ක වාර්තා ලැබීමට නියමිත අතර තවදුරටත් රෝගීන්ගේ සමිපතමයින් 50 දෙනකු තෝරාගෙන හෙට තවදුරටත් පී.සී.ආර් පරීක්ෂණ කිරීමට නියමිතය.
මේ වන විට පි.සි.ආර් පරීක්ෂණයට ලක් කළ සියලුම සේවක සේවිකාවන් දින 14ක ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර ඉදිරියේ දී පවතින තත්ත්වය පිළිබඳව පාලනාධිකාරිය සමඟ සාකච්ඡා කොට කර්මාන්ත ශාලාව විවෘත කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියා සිටී.
මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න