පි සි ආර් පරීක්ෂණයට භාජනය කළ කහතුඩුව ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 360 දෙනාට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවට වෛද්‍ය වාර්තාවලින් තහවුරු වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
කොරෝනා වෛරසය ආසාදිත වූ එම කර්මාන්ත ශාලාවේ සාත්තු සේවිකාවගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඉකුත් 18 වෙනි දින මෙම පිරිස පි සි ආර් පරීක්ෂණයට භාජනය කෙරිණ .
එම සාත්තු සේවිකාව ඉකුත් තුන්වැනි දින දිවුලපිටිය ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වී තිබෙන බවට අනාවරණය වීමත් සමඟම සිදුකළ පි සි ආර් පරීක්ෂණ වාර්තා තුනකින් ඇයට එම වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය විය.
ඇය සේවය කළ 3 දින සිට 15 දින දක්වා කාලය තුළ ඇයගෙන් ප්‍රතිකාර ගැනීම සඳහා යොමුවූ බවට හඳුනාගත් පළමු පෙළ ආශ්රිත පිරිස එලෙස පි සි ආර් පරීක්ෂණයට භාජනය කෙරිණි .
බිමල් ශ්‍යාමන් ජයසිංහ