කහතුඩුව ප්‍රසිද්ධ ඇඟළුම් කර්මාන්ත ශාලාවක කොරෝනා වෛරසය ආසාදිත වූ සාත්තු සේවිකාව සමඟ සමීපව කටයුතු කළ සේවක සේවිකාවන් 360 දෙනකු හඳුනාගෙන සඳහා (18) පි සි ආර් පරීක්ෂණ සිදුකළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි
පසුගිය 3 දින සිට 15 වැනිදා දක්වා එම සාත්තු සේවිකාවගෙන් ප්‍රතිකාර ලබාගත් සේවක සේවිකාවන් එලෙස පි සි ආර් පරීක්ෂණයට භාජනය කෙරිණි .
පෞද්ගලික රෝහලක පි සි ආර් ජංගම සංචාරක රථයක් ඇඟලුම් ආයතනය වෙත පැමිණ ඔවුන්ගේ ජෛව සාම්පල ලබා ගැනීම සිදු කෙරිණි
පි සි ආර් පරීක්ෂණ වලට භාජනය කළ දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි සේවක සේවිකාවන් ට නිවෙස් වල ම ස්වයං නිරෝධායනය වීම සඳහා සඳහා උපදෙස් ලබා දී නිවෙස් කරා පිටත් කර හැරිය බව කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතා පැවසීය.
එලෙස විවිධ ප්‍රදේශවල නිවෙස් කරා ගිය ඔවුන්ගේ තොරතුරු ඒ ඒ පොලිස් ස්ථාන වලට පොලිස් පණිවිඩ හරහා දැනුම් දීමට පියවර ගන්නා බවද ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය
පසුගිය තුන්වැනිදා මෙම සාත්තු සේවිකාව මොරටුව ප්‍රදේශයේ මිතුරියක් සමග දිවුලපිටිය මංගල උත්සවයකට සහභාගි වී තිබූ බවට අනාවරණය වීමෙන් අනතුරුව (17) සිදුකළ පි සි ආර් පරීක්ෂණ තුනකදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබිණි