කඩවත ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් කණ්ඩායමක් ඔවුනගේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත (27) අළුයම කලමැටිය ධීවර වරායේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කෝටි 12කට අධික වටිනාකමකින් යුතු කහ කිලෝ 25000ක් පමණ සැකකරැවන් 6 දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන ඇතැයි හුංගම පොලිසිය පවසයි .
මෙම සැකකරැවන් කලමැටිය ,කුඩාවැල්ල ,කෝට්ටගොඩ සහ බෙීරැවල පදිංචි කරැවන් බව පොලිසිය පවසයි.
බෙීරැවල සිට බහුදින යාත්‍රාවකින් කලමැටිය ධීවර වරායට පැමිණ එම නීතිවිරෝධී කහ තොගය ගොඩබාමින් සිටියදී කහ තොගයත් සමග සැකකරැවන් අත්අඩංගුවට ගෙන ඇත .
විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් සැකකරැවන් හුංගම පොලිසියට බාරදී ඇති අතර පොලිසිය විසින් මෙම සැකකරැවන් අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි .
විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරි නියොජ්‍ය පොලිස්පති වරැණ ජයසුන්දර ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ යන නිළධාරීන් හා ,පොලිස් පරීක්ෂක සම්පත් කුමාර ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදුකර ඇත.
වලස්මුල්ල තිලක් මනම්පේරි සහ කසාගල අශෝක තිලකරත්න