ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව බහුදින ධීවර යාත්‍රාවකින් ගෙන්වා තිබියදී පසුගිය 27 වනදා හුංගම කලමැටිය ධීවර වරායේදී අත්අඩංගුවට ගනු ලැබූ කහ තොගය ඊයේ රාත්‍රී ගිනිතබා විනාශ කිරීමට කටයුතු කර තිබේ.
මෙම කහ තොගය සම්බන්ධයෙන් අගුණුකොලපැලැස්ස අධිකරණය සදහා කරුණු වාර්තා කිරීමෙන් පසු නිසි අධීක්ෂණයක් යටතේ එය ගිනිතබා විනාශ කිරීම සදහා අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව මේ ආකාරයෙන් කහ තොගය විනාශ කිරීමට කටයුතු කළ බවයි උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ.
නියමිත සෞඛ්‍ය මර්ගෝපදේශයන්ද භාවිත කරමින් කිලෝ 21 900 සියකින් යුත් කහ තොගය අම්බලන්තොට ලුණම අදාහනාගාරයේදී ගිනිතබා විනශ කිරීම සිදුකරන ලදී.