එක්සත් රාජධානියෙන් මෙරටට ආනයනය කර කොළඹ වරායේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා ඇති සායනික අපද්‍රව්‍ය අඩංගු කැළි කසල කන්ටේනර් කොළඹ වරායෙන් හා කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපයෙන් පිටතට ප්‍රවාහනය කිරීම සම්ධන්ධයෙන් විමර්ශනයක් පවත්වා සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස අභියාචනාධිකරණය අධිකරණ ඇමතිවරයාට, අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ නිතිපතිවරයාට අද (13දා) නියම කලේය.
කැළි කසල කන්ටේනර් යළි එක්සත් රාජධානියට ප්‍රති අපනයනය කිරීමට සාකච්ඡා ආරම්භ කොට ඇති හෙයින් ඊට බාධාවක්ව පවතින කැළි කසල කන්ටේනර් කොළඹ වරායෙන් හා කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපයෙන් පිටතට ප්‍රවාහනය කිරීම වළකාලමින් නිකුත් කොට ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරන්නැයි නීතීපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා ඉල්ලා සිටි අවස්ථාවේදී අභියාචනාධිකරණය එලෙස නියම කළේය.
කැළි කසල කන්ටේනර් යළිත් එරටට යැවීමට නියම කරන්නැයිද ඉදිරියේදී කිසිදු විදෙස් රටකින් මෙරටට කැළි කසල ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කර තිබූ රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම් .නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් විසින් එලෙස නියම කළේය.