මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් අද (16) උදැසන බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වි තිබුණි.
බගවන්තලාව පොලිස් වසමට අයත් කිලානි සහ බොගවාන වතුවලට පිවිසෙන අතුරු මාර්ග සියල්ලම ජලයෙන් යට වි තිබුණි.
පහත්බ්ම් ජලයෙන් යට විම නිසා පහත්බිම් වල ගොවින් විසින් පවත්වාගෙන යන වගා භූමි කිහිපයක්ද ජලයෙන් යට වි තිබුණි.
කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටමද ඉහළ යමින් පවතින බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන්ද කියා සිටියේ.