කාසල්රි ජලාශයට ප්රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය අසල තේ වත්තේ අනවසරෙන් මැණික් ගැරු සැකකරුවන් තිදෙනෙක් අද (11) දින අලුයම බගවන්තලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බගවන්තලාව පොලිස් වසමට අයත් මොරා තේ වත්තේ තේ ගස් ගලවා විශාල වලවල් හාරා එම වලවල් තුල තිබු මැණික් ඉල්ලම් සහිත පස් කෙසෙල්ගමුඔයට සොදමින් සිටියදි අදාළ සැකකරුවන් තිදෙනා බගවන්තලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ තවත් සැකකරුවන් පිරිසක් පළා ගිය බවත්, පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි බගවන්තලාව පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් මැණික් ඉල්ලම් සහිත පස් තොගයක් පොලිස් භාරයට ගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්රදේශයේම පදිංචිකරුවන් බවයි බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇප මත මුදා හැර ඇති අතර , සැකකරුවන්ට එරෙහිව හැටන් මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.