මිය ගිය කැස්බෑවුන් පස්දෙනෙකුගේ හා ඩොල්ෆින් මත්ස්‍යයකුගේ සිරුරු කොස්ගොඩ හා අලුත්ගම වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී අද (6) සොයා ගෙන තිබේ.
මෙයින් කැස්බෑවන් දෙදෙනෙකුගේ සිරුරු අලුත්ගම වෙරළ තීරයෙන් සොයා ගෙන ඇති අතර කැස්බෑවන් දෙදෙනෙකුගේ හා ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ සිරුරක් කොස්ගොඩ වෙරළෙන් සොයාගෙන තිබේ..
මේ වන විට කොස්ගොඩ වෙරළ තීරයට පමණක් ගොඩ ගසා ඇති කැස්බෑ සිරුරු සංඛ්‍යාව හතකි.
කොස්ගොඩ වෙරළින් හමුවූ මුහුදු සත්වයන්ගේ සිරුරු වැඩිදුර පරීක්ෂණ සදහා වන ජීවී දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව ද සොයිසා මහතා කීවේය.
අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩ ගසා තිබූ කැස්බෑවුන් දෙදෙනා දැඩි දුර්ගන්ධයක් වහනය වීම හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් වල දැමීමට කටයුතු කළ බව පොලීසිය කියයි.
කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත/අලුත්ගම තුසිත කුමාර සිල්වා