මත්තේගොඩ ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න
පිලියන්දල ,කැස්බෑව , ගුරු ගම්මාන පාරේ පිහිටි හෝටල් හිමිකරුවකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ,බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින් ,(22) දා සැකපිට ,අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි .
මෙලෙස මියගොස් සිටියේ පිළියන්දල පොලිස් වසමේ ඟුරු ගම්මාන පාරේ පිහිටි හෝටලයක හිමිකරුවකු වන ( 51) හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි.
මෙම පුද්ගලයා ඉකුත් 7 දා අළුයම,එම හෝටලය තුළදීම අභිරහස් ලෙස ඝාතනය කර තිබූ අතර එම අවස්ථාවේ දී මියගිය හෝටල් හිමිකරුගේ බිරිඳ සහ දරු දෙදෙනා හෝටලය 3 සිට ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වූ බව පොලිසිය කියයි .
සිද්ධියෙන් මද වේලාවකට පසුව මියගිය පුද්ගලයාගේ බිරිඳ ,හෝටලයේ සේවකයන්ට මේ බව දන්වා , පොලිසිය දැනුවත් කර තිබූ බව පොලීසිය පවසයි .
පසුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකල අතර ,එහිදී මොට ආයුධයකින් හිසට පහරදී ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී තිබූ බව පොලීසිය පවසයි
පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිස් දෙනෙකුගෙන් කර තිබූ ප්රශ්න කිරීම්වලින් හා හෝටලයේ ආරක්ෂිත කැමරා පද්ධතියේ ලද තොරතුරුවලට අනුව සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන එක් සැකකරුවකු මීට දින පහකට පමණ පෙර අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ලද තොරතුරු අනුව ඝාතනයේ ප්රධාන සැකකරු බව පැවසෙන පුද්ගලයෙකු 22 දා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මින් එක් සැකකරුවකු මීට පෙර එම හෝටලයේම සේවය කළ බව පැවසෙන ගිරිතලේ ප්රදේශයේ පදිංචිකරුවකු බව පැවසේ.