කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ කොරෝනා ආසාදිත මාළු ව්‍යාපාරිකයන් 20 දෙනකුගේ සමීපතම ආශ්‍රිතයන් 200 ආසන්න පිරිසකගේ පි සි ආර් පරීක්ෂණ අද (4) කැස්බෑව බස් නැවතුම්පොළේ දී සිදුකෙරිණි .
මීට අමතරව පිලියන්දල ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයන් කිහිපදෙනකු සමඟ සමීපව කටයුතු කළ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්ය මණ්ඩලයේ විසිදෙනකු ,පිලියන්දල පොලීසියේ නිලධාරීන් දසදෙනකු ,හා සිල් මෑණිවරුන් දෙදෙනකු පි සි ආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව කැස්බෑව සෞඛ්‍ය නිලධාරී සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය
පසුගිය ඔක්තෝම්බර් විසිපස් වැනි දා සිට අද (4) දින දක්වා කැස්බෑව සෞඛ්‍යය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 26 දෙනකු වාර්තා වී ඇතැයි ද විජේසුන්දර මහත්මිය වැඩිදුරටත් පැවසුවාය