පාස්කු ඉරිදා කොළඹ කිංස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් මුබාරක් නැමැත්තාගේ බිරිද ඇතුළු හතර දෙනෙකු ලබන මස පළමුවනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කළා.
සිද්ධියට අදාළ නඩු විභාගය කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ අද විභාගයට ගත්තා.
කොරෝනා ව්‍යාප්තිය පිළිබද සැළකිලිමත්වෙමින් සැකකරුවන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ. එහෙත් අදාල නියෝගය සැකකරුවන් රදවා සිටින බූස්ස හා අනෙකුත් බන්ධනාගාරවලට දන්වා යවන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
එමෙන්ම බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින තවත් සැකකරුවෙකු වන පස්රුල් රහුමාන් යන අයගේ ජංගම දුරකතන දෙකක් සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ඇතුළු උපකරණ කිහිපයක් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.