ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ වැඩිමහල් පුත්රයා රුපියල් ලක්ෂය බැගින් සහතික ඇප දෙකක් මත මුදාහරින ලෙස හලාවත දිසා විනිසුරු හා මහේස්ත්රාත් මංජුල රත්නායක මහතා අද (04දා) නියෝග කළේය.
හලාවත කුරුණෑගල පාරේ සේදවත්තේ පදිංචි වලිමුණි මැන්ඩිස් අබේසේකර ඉෂාන් චතුරංග (26) නමැත්තෙකු මෙසේ ඇප මත මුදා හැරුණි.
මේ පිළිබඳ වැඩිදුර විභාගය ලබන වසරේ පෙබරවාරි මස 12දා නැවත කැඳවන ලෙසද මහේස්ත්රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.
පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල් සුසන්ත අරුණ කුමාර මහතාට පසුගිය මස (29දා) රාත්රී හලාවත කුරුණෑගල පාරේ සේදවත්තේ පදිංචි මන්ත්රීවරයාගේ නිවසේදී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කර තිබු පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.
ඇපයන්ට අමතරව සෑම ඉරු දිනයකදීම හලාවත පොලීසියට වාර්තා කරන ලෙසද දිසා විනිසුරුවරයා නියෝග කළේය.
හලාවත සුපුන් හංසන