කොරෝනා වසංගතයත් සමග කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිතුමා ඇතුළු නිලධාරින් 49 දෙනෙකු නිරෝධායනයට ලක්කිරිමත් නිසා කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ධුරයේ වැඩ ආවරණය කිරිම සදහා වෙනත් නිලධාරියකු පත්කොට අවට පොලිස් ස්ථානවල නිලධාරින් පිරිසක් ද අනුයක්ත කොට පොලිසියේ රාජකාරි කටයුතු ඊයේ (25) රාත්‍රියේ සිටම සාමන්‍ය පරිදි පත්වාගෙන යන බැව් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පත් නුවන් වෙදසිංහ මහතා පවසයි.
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (25) දින තහවුරු වූ ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් කොස්ගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පසුගිය 16 වැනි දින ප්‍රතිකාර ලබා ගැනීම නිසා මෙම පියවර ගෙන ඇත.
ඊයෙ (25) රාත්‍රියේම පොලිස් ස්ථානය විෂබිජහරණයට ලක්කිරිමට පියවරගත් බවත් මේ සදහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණු බවද ගාල්ල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.
ඒ සමග කොස්ගොඩ පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු සදහා අවට පොලිස් ස්ථාන 07කින් වෙනත් නිලධාරින් පිරිසක් අනුයක්ත කිරිමට පියවරගත් බවද ගාල්ල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
කොස්ගොඩ පොලිසියේ නිලධාරින් 08 දෙනෙකු හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකොට ඇති අතර ඉතිරි නිලධාරින්ට නිවෙස්වලට වි නිරෝධායනය වන ලෙස දැනුම් දුන් බවද ගාල්ල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
මේ වනවිට කොස්ගොඩ පොලිස් ස්ථානයේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බවද හෙතෙම පවසයි.
කොරෝනා ආසාදනය වූ ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් කොස්ගොඩ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබා ගෙන තියෙනවා .එම නිසා තමයි මෙම පියවර ගැනිමට සිදුවුනේ පොලිස් ස්ථානය වසාදැමිමක් කළේ නැහැ. හිටිය නිලධාරින් වෙනුවට නව නිලධාරින් පිරිසක් අනුයුක්ත කළා. යැයිද ගාල්ල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.