නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පිහිටුවන ආණ්ඩුවේද ප්‍රමුඛතාව කෘෂිකර්මාන්තයට ලබාදෙ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
තිස්සමහාරාමයේ පැවැත්වෙන ජාතික වප්මගුල් උත්සවයට එක්වෙමින් ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එසේම හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අමාත්‍යධුරයට පත්වීමෙන් පසුව විශාල වැඩ කොටසක් කළ බවත් ඔහු ඉදිරියටත් කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කරනු ඇති බවත් ජනපතිවරයා සඳහන් කළේය.