2019 දී ඉන්දීය හමුදා භටයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්කළ මාරන්තික ප්‍රහාරයේ මහ මොළකරු ඉන්දීය ආරක්ෂක අංශ සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගොස් ඇති බව කාශ්මීරයේ ඉන්දීය පොලිසිය අද (31දා) වාර්තා කර තිබේ.
ජෙයිෂ්-ඊ-මොහොමඩ් සටන්කාමී සංවිධානයේ අණ දෙන්නා වූ මොහොමඩ් ඉස්මයිල් අල්වි, ප්‍රාදේශීය අගනුවර වන ශ්‍රීනගර් නගරයට දකුණින් මෙසේ ඝාතනයට ලක්වූ බව කාශ්මීරයේ පොලිස් ප්‍රධානී පැවසීය.
මොහොමඩ් ඉස්මයිල් අල්වි නොහොත් ලැම්බූ නොහොත් අද්නාන් නැමැත්තා මසුද් අසාර්ගේ පවුලක අයෙකි. ඔහු ලේත්පෝරා පුල්වාමා ප්‍රහාරයේ කුමන්ත්‍රණයට සහ සැලසුම්වලට සම්බන්ධ වී තිබේ.
2019 පෙබරවාරි 14දා කාශ්මීරයේදී ඉන්දීය පැරාමිලිටරි පොලිසිය ගමන් ගත් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බෝම්බ පුරවාගත් කාර් රථයක් ගැටීමට සැලැස්වීමෙන්, 40 දෙනෙකු මියගොස්, මෙම කලාපයේ ආරක්ෂක අංශ වෙත දශක ගණනාවක් තුළ සිදු වූ දරුණුතම ප්‍රහාරය සිදුවිය. මෙම ප්‍රහාරය පාකිස්තානය සමග ඉන්දියානුවන්ගේ ආතතිය වැඩි කරන්නට විය.