ඩෙන්මාර්කයේ සිට " කොවිෂීල්ඩ් "එන්නත් සහ උපකරණ තොගයක් පරිත්‍යාගයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ " කොවැක්ස් " පහසුකම යටතේ මෙම එන්නත් සහ උපකරණ තොගය එවා තිබුණි .
කිලෝ ග්‍රෑම්14 ක් බරැති , එක් ඇසුරුමක් ලෙස එවා තිබූ මේ තුළ , මිලිලීටර් 5 බැගින් වූ කොවිෂීල්ඩ් එන්නත් ඇසුරුම් 10 ක් , සිරින්ජර සහ එන්නත් ඉදිකටු තොගයක් ද ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
මෙම එන්නත් තොගය ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැගෙන විත් , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 04.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , මෙම එන්නත් තොගය නිශ්කාශනය කර ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දීම සදහා රැගෙන ගොස් තිබේ .