කොවිඩ් අවදානමත් සමග රජයේ සේවයේ නියුතු රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව උදෙසා රජය විවිධ චක්රණලේඛන නිකුත් කලත් මෙරට රජයේ සේවයේ නියුතු දෘශ්‍ය ආබාධ සහිත රාජ්‍ය සේවකයන් 2000 ක් එම කිසිදු චක්‍රලේඛණයක් මගින් ආවරණය නොවන බව ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ ප්‍රධාන ලේකම් සහ ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සහකාර ලේකම් ප්‍රසන්න වික්‍රමසිංහ මහතා පවසයි .
මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා (08) පවසමින් වැඩිදුරටත් මෙසේ පැවසීය .
මෙරට දෘශ්‍යාබාධ සහිත රාජ්‍ය සේවකයන් 2000 සිටිනවා . කෝවිඩ් අවදානම ඉහළ යාමත් සමග නිකුත් කරනු ලබන කිසිදු චක්‍රලේඛණයක් මගින් දෘශ්‍යාබාධිත ප්‍රජාව ආවරණය වන්නේ නැහැ . රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නිකුත් කරන්නන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබෙනවා . කෝවිඩ් වසංගත තත්වය තුළ ආර්ථික සමාජයීය හා වෘත්තිය වශයෙන් අසීරුතාවට පත්වන ආබාධිත සහිත පුද්ගලයන් අතිවිශාල පිරිසක් මෙරට සිටිනවා . මෙරට ජනගහනය ලක්ෂ 17 කට ආසන්න පිරිසක් විවිධ ආබාධ වලින් පෙළෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2011 නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙනවා .
රජය මගින් නිකුත් කොට ඇති චක්රලේඛණයට අනුව දැඩි වසංගත තත්වය තුළ ගැබිණි මව්වරුන් ආරක්ෂා සහිතයි . වයස අවුරුදු එකට අඩු දරුවන් සිටින කිරිදෙන මව්වරුන් ආරක්ෂිතයි . ඔවුන්ට නිවසේ සිට සේවා සපුරන්න පුළුවන් . ලෙස චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා . මේ චක්‍රලේඛණ නිකුත් කිරීමේදී රාජ්‍ය සේවයේ නියුතු දෘශ්‍යාබාධිත ප්‍රජාව අමතක කරලා . එසේම විවිධ ආබාධ සහිත පුද්ගලයින් රැසක් රාජ්‍ය සේවයේ සිටිනවා . ඒ අය විශාල කාර්යභාරයක් ඉටු කරනවා . ඔවුන් සේවයට වාර්තා කිරීම සඳහා භාවිතා කරන්නේ පොදු ප්‍රවාහන සේවාවන් . දෘශ්‍යාබාධිත අය ගත්තොත් ඒ අය ස්පර්ශක සන්නිවේදනය පදනම් කරගත් සමාජ සන්නිවේදනය තමයි යෙදෙන්නේ . දෘශ්‍ය ආබාධිත පුද්ගලයෙකු පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන විට තවත් කෙනෙකුගේ සහය ලබාගන්න සිදුවෙනවා . ඔවුන්ට පොදු ප්‍රවාහනය තුළ යමක් ස්පර්ශ කරන්න සිදු වෙනවා .
ගුරු පොකුරු, නළු පොකුරු, මෝස්තර නිරූපිකා පොකුරු, ගැන කතා කළා . ඒ ගොන්නට ආබාධ සහිත පුද්ගල පොකුරු ඉදිරියේදී එන්න පුළුවන් . ආබාධිත ප්‍රජාව ආර්ථික, සමාජයීය හා සෞඛ්‍යය ප්‍රශ්නවලට මුහුණ දෙනවා . මාස 6 කට පෙර ආබාධිත ප්‍රජාව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ පත්‍රිකාවක් නිර්මාණය කළා . ඒකෙන් කතා කරලා තිබුණේ නිවස් තුළ සිටින ආබාධ සහිත පුද්ගලයන් ගැන පමණයි . ආබාධ සහිත පුද්ගලයන් නිවෙස් වලට විතරක් සිටින්නේ නැහැ . මේ ගැන චක්‍රලේඛණ නිකුත් කරන හය තේරුම් තේරුම්ගන්න ඕන . ජනාධිපතිතුමා කෙරේ අපේ විශ්වාසයක් තිබෙනවා . එතුමා මේ ගැන අවධානය යොමු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා .
ෂේන් සෙනෙවිරත්න