කොරෝනා වෛරසය ආසාදනය විමෙන් පසු සුව වි නිවසේ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටි 76 හැවිරිදි පුද්ගලයකු අද (19) මියගොස් ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
මෙකි පුද්ගලයා ගාල්ල දෙද්දුගොඩ තලාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු නිදන්ගත රෝග කිහිපයකින් පෙලි ඇති අතර නිවසේ එක්තැන්ව සිටි අයෙකි. මෙම මස 06වැනිදින මෙකි පුද්ගලයාට කොරෝනා ආසාදනය විමෙන් පසු කරන්දෙණිය කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ ප්‍රථිකාර ලබමින් සිට ඇත. මෙකි පුද්ගලයාගේ නිරෝධායන කාලය අවසන්වි රෝගිය සුව විමෙන් පසු ඉකුත් 17වැනිදින නිවසට පැමිණ ඇත. නිවසේ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටියදි මොහු අද (19) මියගොස් ඇති බැව් ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපති ද සිල්වා පැවසිය.
මෙකි පුද්ගලයාගේ මෘතදේහය පි සි.ආර් පරික්ෂණයකට ලක් කිරිමට නියමිතව ඇති බවද ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා සදහන් කළේය.
ජිනේෂ් නානායක්කාර