ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වෛරසය පැතිරිම වැළැක්වීම, පාලනය සහ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ, ආරක්ෂිත මෙවලම් සහ වෛද්‍ය උපකරණ තොග ප්‍රමාණයන් හිඟයකින් තොරව තබාගැනීමේ වැඩපිළිවෙල සොයා බැලිම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විය.
වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන්, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිලධාරීන් සහ රෝහල් අධ්යක්ෂවරුන් මෙම සාකච්ඡාවට සහභාගි විය.
විශේෂයෙන්ම මෙහිදී කොරෝනා වෛරස් රෝගය වැළැක්වීම, පාලනය සහ ප්‍රතිකාර සදහා අවශ්‍ය ඖෂධ සහ වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා අවශ්‍ය ආරක්ෂිත වෛද්‍ය උපකරණ, මුඛ ආවරණ, අත් ආවරණ තොඟ වශයෙන් තබාගැනීම පිළිබදව සාකච්ඡා කරන ලදි.
ඉහත කටයුතු සදහා රාජ්‍ය ඖෂධ සංස්ථාවට සහ වෛද්‍ය සැපයිම් අංශයට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමටත්, හදිසි මිලදී ගැනීම් සදහා අවශ්‍ය අවසරය ලබාදීමටත් තීරණය කරන ලදි. ඒ අනුව ඉදිරි දින 02 තුල එම මිලදී ගැනීම් සිදු කොට අවශ්‍යතාවය අනුව ඖෂධ, ආරක්ෂිත මෙවලම් සහ වෛද්‍ය උපකරණ රෝහල්වලට බෙදාහැරිමට කටයුතු කරන උපදෙස් ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යතුමිය රෝහල් වලට බෙදාහැරීමෙන් පසු ද අඛණ්ඩව පසුවිපරම් කටයුතු සිදු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.