කොවිඞ් 19 වෛරස තත්ත්වයට අදාලව මූල්‍යමය වශයෙන් මෙරටට විදේශ ආධාර ලැබී නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (04) අරලිය ගහ මන්දිරයේ දී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ජාවකට එක්වෙමිනි.
කොරෝනා වෛරසය ආසාදිත පළමු රෝගියා වාර්තා වීමේ සිට වෛරසය මැඩ පැවැත්වීමට රජය විසින් ගත් කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් මෙන්ම රෝගය පාලනය කිරීම සදහා ගෙන යන නිරෝධායන වැඩපිළිවෙල සම්බන්ධයෙනුත් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා හා බුද්ධි අංශ විසින් මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් දැනුවත් කළහ.
විදේශආධාර ලැබීම හා වියදම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් විවිධ චෝදනා එල්ල වන බැවින් ඒ පිළිබ`දව නිසි දැනුම්වත් කිරීමක් අවශ්‍ය බව මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ මහතා සඳහන් කළේය.
විදේශආධාර සම්බන්ධයෙන් නිවැරදිව තොරතුරු පැවසීමේ හැකියාව ඇත්තේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට බව සදහන් කළ අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ අවස්ථාව මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට ලබාදුන්නේය.
ලෝක බැංකුව වත්මන් ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ඇමරිකන් ඩොලර් මිලියන 127ක ආධාරයක් ලබාදීමට එකග වී ඊට අදාල ගිවිසුම් අත්සන් තබා ඇති නමුත් මෙතෙක් එම මුදල් මෙරටට ලැබී නැතැයිද අදාල මුදල් ඉදිරියේදී ලැබීමට නියමිතව ඇතැයි ද එහිදී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ කෝවිඩ් සම්බන්ධ වියදම් පියවා ගැනීම ස`දහා එම මුදල් හිමිවන බවත්, මීට අමතරව විදේශආධාර වශයෙන් ද්‍රව්‍යමය ආධාර සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබී ඇති බවත් ඒ මහතා පැවසීය.
රැකියා සදහා කොළඹට පැමිණි එහෙත් කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් නිවෙස්වලට යාමට නොහැකිව නවාතැන්වලට සීමා වී සිටින උතුරු නැගෙනහිර ජනතාවට නිවෙස්වලට යාමට විධිමත් වැඩපිළිවෙලක් සකසා දෙන ලෙස මෙයට එක්වූ උතුරු නැගෙනහිර නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු පෙන්වාදුන්හ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළඋරුමය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික නිදහස් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ඉලංකෙයි තමිල්අරසුකච්චි, ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ යන පක්ෂවල හිටපුමන්ත්රීවරුන් රැසක් සහභාගී වී සිටිති.
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින්, සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු කොවිඩ් -19 ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයින් ද ඊට එක්වී සිටිති.