කොවිඩ් 19 වෛරසය වාතයෙන් පැතිරෙන බවට මේ වන විට තහවුරු කර ඇතැයි මහාචාර්ය නීලිකා මලවගේ මහත්මිය පැවැසුවාය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවැසීය.
කොවිඩ් ආසාතියෙක් මුහුණු ආවරණ නොමැතිව යම් කිසි ස්ථානයක සිටි විට එම ස්ථානයේ පැය එක හමාරක පමණ කාලයක් වෛරසය පවතින බවත් ඒ අනුව එතනට එන ආසාදිත නොවන්නෙකුට වෛරසය බෝවිය හැකි බවත් ඇය පෙන්වා දුන්නාය.
ඒ අනුව සෑම විටම මුව ආවරණයක් පළදින ලෙසත් විශේෂයෙන් කාර්යාල තුළ මුව ආවරණ පළදින ලෙසත් ඇය පැවැසුවාය.