කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ට සමාජයෙන් කෙනහිලිකම් සිදුවන බවට තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
ඔවුන් රටට ශක්තියක් බවත් ඔවුන් වෙනුවෙන් ජාතියේ ගෞරවය රට වැසියා විසින් පුදකළ යුතුව ඇති බවත් ඇය සඳහන් කළාය.
නිරෝධායන මධ්‍යස්ථාන පිහිටවමින් කටයුතු කළ මෙන්ම කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය ලබාදෙන දායක්තවයට ජාතියේ ගෞරවය පුදකළ යුතුව ඇති බවත් ඇය සඳහන් කළාය.
සුවසැරිය ගිලන් රථ සේවාවේ වැඩ කරන කාර්ය මණ්ඩලය කරන සේවාවට අපි ජාතියක් ලෙස ගෞරවය දැක්විය යුතු බව් ඔවුන් විශාල අවධානමක් ඇතිව කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැසුවාය.