පවතින කොවිඩ් අවධානමට මුහුණ දීම සදහා ඇඳන් 2000 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ වැරැල්ලවත්ත ප්‍ර දේශයේ දී ස්ථාපනය කෙරේ.
දැනට වසා දමා ඇති ඇගළුම් කර්මාන්තශාලාවක් මේ සදහා ලබා ගැනීමට අපේක්ෂිතයි. මීට අමතරව කටුනායක සහ මීරිගම ප්‍ර දේශ වල වසා දමා ඇති කර්මාන්තශාලා 02 ක ගොඩනැගිලි ද ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහා ලබා ගැනීමට තීරණය කර තිබේ.
සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවතින කොරෝනා තත්ත්වය පාලනය කිරීම සදහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පැවති රැස්වීමක දී මෙම තීරණයට එළඹිණ.
ඊයේ දිනය තුළ පමණක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා රොගීන් 234 දෙනෙකු හදුනාගෙන ඇතැයි මෙහි දී අනාවරණය විය. මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් හදුනාගෙන ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 20,029 කි.
එය මෙරට සමස්ථ කොවිඩ් අසාදිත සංඛ්‍යාවෙන් පහෙන් එකක් බව ගම්පහ ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කළේය. ඔහු පෙන්වා දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනගහණයෙන් 248,387දෙනෙකු කොවිඩ් එන්නත ලබාගෙන ඇති බවයි.
වර්ධනය වෙමින් පවතින කොවිඩ් තත්ත්වයට මුහුණ දීම සදහා ප්‍රතිකාර මධ්‍යස්ථාන කීපයක් දිස්ත්‍රික්කය තුළ පිහිටූවීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැරැල්ලවත්ත, මීරිගම හා කටුනායක වසා දමා ඇති කර්මාන්තශාලා තුනක් මේ සදහා හදුනාගෙන ඇතැයි කීවේය. ඒ සදහා මැදිහත්ව එම කර්මාන්තශාලා තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ලබාදීමට කටයුතු කරන ලෙස ද ඔහු ඇමති ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලා සිටියේය.
වහා ක්‍රියාත්මක වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මොහොතේම දුරකථනය ඔස්සේ ආයෝජන මණ්ඩල ප්‍රධානීන් සමග සාකච්ඡා කොට අදාළ කර්මාන්තශාලා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ලබාදීම සදහා අවශ්‍ය පියවර ගත්තේය. යෝජිත වැරැල්ලවත්ත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම සදහා නාවික හමුදාව දැනටමත් සිය සහාය පළ කර ඇතැයි ද මෙහි දී අනාවරණය විය.