කොවීඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට කිලිනොච්චිය ක්‍රිෂ්ණපුරම්හි ඉදිවූ බෝවන රෝග රෝහල ඊයේ (11) සවස රජයේ නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත්ත කෙරුණි.
උතුරුපළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ඒ.කේදීස්වරන්, කිලිනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරී එන්.සර්වනබවන්, යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්තී, කිලිනොච්චිය දිසාපති රූපවතී කේදීස්වරන් කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූශ.
උතුරු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයන් යටතේ කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා සෙබලුන්ගේ ශ්‍රම දායකත්වය අනුව ක්‍රිෂ්ණපුරම්හි පිහිටි පැරණි යුද හමුදා පුහුණු පාසලක් මෙලෙස ප්‍රතිසංස්කරණය කොට කොවිඩ් රෝගීන් වෙනුවෙන් පිලිසකර කිරීමට පියවර ගෙන තිබුණි.
මේ අනුව රෝහලේ හදීසි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්, රෝගී ප්‍රතිකාර වාට්ටු සංකීර්ණයක්, පුස්තකාලයක් හා ක්රීඩාපිට්ටනියකින්ද නව ක්‍රිෂ්ණපුරම්හි ඉදිවූ බෝවන රෝග රෝහලේ ස්ථාපිත කොට ඇත.
උතුරු පළාතේ කොවීඩ් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර දීමේ හා ප්‍රතිකාර කිරීමේ රෝහලක් වශයෙන් මෙම නව රෝහල ප්‍රධාන වශයෙන් යොදා ගන්නා බවටද උතුරු පළාත් සෞඛ්‍ය සේවා නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.