බටහිර මාධ්‍ය විසින් නිරන්තරයෙන් චෝදනා කරන කොවිඩ්-19 වසංගතයේ සම්භවය සම්බන්ධයෙන් ගෝලීය මාර්ගගත මත විමසුමකට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 80%ක් දෙනා විශ්වාස කරන්නේ කොවිඩ්-19 සම්භවය පිළිබඳ ප්රශ්නය දේශපාලනීකරණය වී ඇති බවයි.
"කොවිඩ්-19 සම්භවය පිළිබඳ ප්රශ්නය දේශපාලනීකරණය වී ඇතැයි ඔබ සිතනවාද?" ආදී වශයෙන් නැගුණු ප්‍රශ්න කිහිපයක් ඔස්සේ සිදුකළ මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල අද (26දා) සවස නිකුත් කර තිබුණි. සමීක්ෂණයට අනුව, ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 80%ක් විශ්වාස කර ඇත්තේ මෙම ප්රශ්නය දේශපාලනීකරණය වී ඇති බවයි.
මෙම සමීක්ෂණය එක්සත් ජාතීන්ගේ නිල භාෂා කිහිපයකින්ම එනම්, චීන, ඉංග්‍රීසි, රුසියානු, ප්‍රංශ, ස්පාඤ්ඤ සහ අරාබි යන භාෂාවලින් සිදුවූ අතර, එය බීජිං වේලාවේ ජූලි 24දා පාන්දර සිට ඇරඹී තිබුණි. සමීක්ෂණයට සහභාගී වූ අන්තර්ජාල පරිශීලකයන්ට ජූලි 25දා රාත්‍රී 10 දක්වා ඊට සම්බන්ධ වීමට අවස්ථාව ලබාදී තිබුණි.
සමීක්ෂණය විශ්ලේෂණය කිරීමේදී, දේශපාලන පීඩනය, එක්සත් ජනපද සම්බාධක, මාධ්‍ය පාලනය, ආර්ථික වන්දි සහ චීනයේ සංවර්ධනය වැළැක්වීම ආදී කරුණු විග්රහ වී තිබුණි. මීට අමතරව, "විවිධ රටවල කොවිඩ්-19 සම්භවය පිළිබඳ පරීක්ෂණ සඳහා ඔබ සහාය දෙනවාද?", "ගෝලීය වශයෙන් කොවිඩ්-19 සමග සටන් කිරීම සඳහා වඩාත්ම බලගතු කාර්යය කුමක්ද?" ආදී වශයෙන් පැනයන්ද ඉදිරිපත් වී තිබුණි.