ශ්‍රිඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසය ව්‍යාප්ත විම පාලනයට විරුද්ධව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සැහිමකට පත්විය නොහැකි බව එජාප මහලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
මේ වන විට ගෝලිය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය මෙරටට අතුළු විමට අවදානමක් ඇති බවට සෞඛ්‍ය අංශ දිගින් දිගටම කරුණු අනාවරණය කළද එ සම්බන්ධයෙන් අවශ්‍ය සක්‍රිය මැදිහත්විම කලට වේලාවට සිදු කිරිමටත් එ සදහා අවශ්‍ය කඩිනම් ක්‍රියා මාර්ග ගැනිමටත් රජය අසමත් වි ඇති බවට ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
අද (13) නිල නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
එහදි ඔහු වැඩිදුරටත් අසඳහන් කර ඇත්තේ මෙවන්නකි,
"නිරෝධායන ක්‍රියාවලියේදි මුලික අවස්ථාවේදි හුදු දේශපාලන සංදර්ශනයක් බවට පත් කරමින් ක්‍රියාත්මක කිරිමට උත්සාහ දැරු අයරු කනගාටුදායකය. කටුනායක ගුවන් තොටුපලට කොරෝනා අවදානම් කලාප සහිත රටවල සිට පැමිණෙන ජනතාව නිරෝධායන කිරිම සම්බන්ධයෙන් මතුවු බරපතල අර්බුද හා වගකිම් විරහිත ක්‍රියාකලාපයන් ජනතාවගේ සහ ජන මාධ්‍ය යෙන් වසන් කරමින් කටයුතු කිරිමට දරන උත්සාහයන් වගකිව යුතු රජයකට තරම් නොවේ.
කොරෝනා අවදානම් කලාප සහිත රටවල සිට පැමිණි ගුවන්යානා කිහිපයකම මගින් නිසි නිරෝධායන ක්‍රියාවලියකට තබා මුලික පරික්ෂාවකට පවා ලක් නොකොට රට තුළට මුදා හැර ඇති බවට කරුණු මේ වන විටත් අනාවරණය වි ඇත. මෙම තත්ත්වය රටේ ජනතාවගේ ජිවිත සිතා මතා අනතුරේ හෙළිමකි. අවසානාවන්ත ලෙස කොරෝනා වෛරසය පිළිබදව අනතුරු හඟවා තිබියදි පවා නිසි ක්‍රියාමාර්ග නොගැනිම හේතුවෙන් මේ වන විට කොරෝනා වෛරසය රට අභ්‍යන්තරයට ගමන් කර ඇති අයුරු හෙළි වි ඇත" යැයි ඔහු වැඩිදුරටත් නිවේදනයේ සඳහන් කර තිබේ. .