අසාධ්‍ය කොව්ඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නැගෙනහිර කොළඹ මුලික රෝහලේ නව දැඩි සත්කාර ඒකකයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
"රජයක් විදිහට කොවිඩ් රෝගය මර්දනය කරන්න ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යංශය අපි සියළු දෙනාම එකතුවෙලා අප ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගනිමින් සිටින වෙලාවක්.
අප විශ්වාස කරන්නේ අප ලබාදෙන පුර්ණ දායකත්වයත් එක්ක කොව්ඩ් රෝගය මර්දන කිරීමට අධිෂ්ඨාන කරගෙන යන මේ වැඩපිළිවෙල ඉතා සාර්ථකව ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන් සෙලාන් බැංකුව අපට ලබා දෙනඅනුග්රහය සම්බන්ධයෙන්.
අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන්ට අත්‍යවශය කාරණයක් තමයිදැඩි සත්කාර ඒකක. එතකොට මේ දැඩි සත්කාර ඒකක විශාල සංඛ්‍යාවක් ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ත්‍රිවිධ හමුදාවේ උපකාරය ඇතුව අලුතින් ඇතිකර ගෙන යනවා. මෙම රෝහලේ අධ්යක්ෂතුමා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, හෙදියන්, අතුරු වෛද්‍ය සේවා හා අනෙකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මේ සියළු දෙනාම කරන කැප කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහටමම බොහෝම අගය කරනවා."
රුපියල් මිලියන 50 කට ආසන්න වන මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකායේ ශ්‍රම දායකත්වයෙන් සිදු කල නිසා රුපියල් මිලියන 13 ක වියදමින් සිදු කිරීමට හැකියාව ලැබී ඇත.