රට තුළ රෝගීන් වාර්තා වීම 30%කින් සහ කොවිඩ් මරණ 48.8%කින් ඉහළ ගොස් ඇති බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසා සිටියි.
මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවසෙන් එළියට නොයන ලෙසත් සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසද රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
තමාගේ මතයෙන් වැඩක් නොමැති බවත් තීන්දු ගතයුතු අය තීන්දු ගනු ඇති බවත් නමුත් රට අවදානමක සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.