ඊයේ (18) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 186 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු තිබේ.
මිය ගිය අය අතරට වයස අවුරුදු 30 අඩු පුද්ගලයින් හතර දෙනෙකු වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 35 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 147 දෙනෙකු අයත් වෙයි.
මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,790ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.