කොවිඩ් වෛරසය ආසාදනයවි මහමග මිනිසුන් ඇද වැටී මිය යන බවට බොරු ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු මහනුවර කොට්ඨාසයේ විශේෂ පොලීසිය කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා කියයි .
නිරෝධායන ආඥා පනත යටතේ අත්අඩංගුවට ගත් එම සැකකරු කඩුගන්නාව පොලිස් වසමේ හේනාවල ප්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි පුද්ගලයකු බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය . ජනතාව නොමඟ යවමින් බියට පත් කරවන එවැනි ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය .