කොවිඩ් නිසා ශ්‍රී ලංකාවේ මිය යන පුද්ගලයන් සංඛ්‍යාව අඩුකිරිම තම පළමු අරමුණ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
ඊයේ පස්වරුවේ කොඩි පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.
ඉන් අනතුරුව රෝගීන් අඩු කිරිමත් තෙවැනුව රෝහල් කළමනාකරණය කිරීමත් අරමුණුකරගෙන ඇති බව ඔහු සඳහන් කළේය. මේ වන විට ඇතැම් රෝහල්වල ධාරිතාව ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බවත් ඔහු පැවැසීය.
මේ වන විටත් බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිතයන් කළමනාකරණය කිරීම වෙනුවෙන් වැඩසටහනක් ආරම්භ කර ඇති බවත් ඔහු පැවැසීය.
ජනපති ගෝඨාභය රාජපක්ස මහතාගේ උපදෙස් අනුව මේ වන විට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර ඇති බවත් මේ දක්වා ශ්‍රී ලංකාවට විවිධ වර්ගයට අයත් එන්නත් මාත්‍රා මිලයන 19.7ක් ලැබී ඇති බවත් ඔහු පැවැසීය.
එයින් එන්නත් මාත්‍රා මිලියන 14.97ක් ලබාදි අවසන් බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 43ක් මේ වන අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන අවසන් බව ඔහු පැවැසීය.
කොවිඩ් මරණ අතරින් වැඩි පිරිසක් කිසිම එන්නත් ලබාගෙන නොමැති බවත් අගෝස්තු 13 දා වාර්තා වූ මරණ 160 සැලකූ විට එහිදී කිසිවෙකුත් කොවිඩ් එන්නත් ලබාගෙන නොසිටි බවත් ඔහු පැවැසීය.
පසුගිය වසර 1 හමාරක කාලය සැලකිමේදී ශ්‍රී ලංකාව මේ වන විට ධනාත්මක වන රෝගීන්ගේ හා මරණයට පත්වන රෝගීන්ගේ ඉහළම අගයන් වාර්තා වන බවත් රට තුළ දිනකට මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ 19000ක් හා ඇන්ටිජන් පරීක්ෂණ 25000ක් සිදුකරන බවත් ඔහු පැවැසීය.