වොෂිංටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ Institute for Health Metrics and Evaluation (IHME) ලංකාවේ තත්ත්වය ගැනද ගණිත මාදිලියක් මගින් පුරෝකථනයක් කර ඇති අතර එහිදී ලබන සැප්තැම්බර් මස 01 දා වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 20000 ඉක්මවා යනු ඇතැයි ඔවුන් සමීක්ෂණය කර තිබේ.
තත්ත්වය වඩාත් නරක වුවහොත් ශ්‍රි ලංකාවේ මරණ සංඛ්‍යාව එම කාලසීමාව වන විට 30000 සීමාවට පැමිණිය හැකි බවත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමෙන් එය 16000ක පමණ සීමාවක තබා ගැනීමට හැකිවෙනු ඇති බවත් එම ආයතනය ඉදිරිපත් කර ඇති ප්‍රස්තාර සටහන් වලින් පෙනෙනට තිබේ.
මෙම ආයතනය පසුගිය කාලසීමාවේදී කොවිඩ් 19 සම්බන්ධයෙන් විවිධ රටවල් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පුරෝකතන බොහෝ දුරට නිවැරදිවීම හේතුවේ ඔවුන්ගේ පුරෝකතනය පිළිබඳව සමාජ මාධ්‍ය තුළද වැඩි අවධානයක් යොමුව තිබේ.
ඔවන් පවසන්නේ ඉදිරි ජුනි, ජුලි, අගෝස්තු, සැප්තැම්බර් මාසයන් ලංකාවට ඉතා දුෂ්කර කාලදීමාවක් වෙනු ඇති බවයි
ජුනි මස අග සතිය වන විට විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ උපරිමයට පැමිණෙනු ඇති බවට ඔවුන් පුරෝකතනය කරයි. එම කාලසීමාවේදී ශ්‍රී ලංකාවේ කොවිඩ් දෛනික කොවිඩ් මරණ 235 සීමාවට පැමිණෙනු ඇතැයි සඳහන් කරයි.
එසේම දෛනික ආසාදිත සංඛ්‍යාව මෙම ආකාරයට ඉදිරියට ගිය හොත් 40000 සීමාව පසුකරනු ඇති බවත් එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.
සම්පූර්ණ සබැඳිය - https://covid19.healthdata.org/sri-lanka?view=mask-use&tab=trend