කෝවිඩ් 19 අවධානම් ප්‍රදේශ තවදුරටත් විවෘතව තබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන්නේ ආර්ථිකයට ඇතිව තිබෙන ඍනාත්මක බලපෑම නැති කර ගැනීමට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
එමෙන්ම මෙම වසංගතයත් සමග ඇති වී තිබෙන රැකියා අහිමීවීම් වැනි අර්බුධ වලට ජනතාවට සාධාරණය ඉටු කිරීම සඳහා මෙවර අයවැයෙන් කටයුතු කර නොමැති බව කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (14දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
මේ අතර කෝවිඩ් 19 ආසාදිතයන් 30,000 ඉක්ම වූ පසු එමගින් සිදු වන මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව වෛද්‍ය සංගම් සඳහන් කර ඇති බවත් එම භයානක තත්ත්වය තවමත් රජය හඳුනාගෙන නොමැති බවත් ඔහු පැවැසීය.