කොවිඩ් -19 රෝගයේ වත්මන් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස වේදය පිළිබද මහාචාර්ය මලික් පීරිස් මහතා සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ (19දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඇති වී තිබෙන කොවිඩි - 19 රෝග ව්‍යාප්තිය පාලනය, මැඩපැවැත්වීම සහ වැළැක්වීම සඳහා ගත යුතු ඉදිරි පියවර හා ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී සාකච්ඡාවට ලක් විය. එමෙන්ම රසායනාගාර පරීක්ෂණ සිදු කිරීමේ දී නව තාක්ෂණික උපක්‍රම හා ක්‍රමවේදයන් භාවිතය පිළිබද උපදෙස් ලබාගැනීමත් මෙම සාකච්ඡාවේ අරමුණ විය.
විශේෂයෙන්ම කොවිඩි රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් පසු මුදා හැරීමේ දී අනුගමනය කරන්නා වූ ක්‍රමවේද නව විද්‍යාත්මක පදනමක් මත සිදු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට භාජනය විය.
එමෙන්ම PCR පරීක්ෂණ වලට අමතරව නව වෛද්‍ය රසායානාගාර පර්යේෂණ ක්‍රමවේදයන් හදුන්වා දී කෙටි කලක් තුළ රෝගීන්ගේ ප්‍රතිශතය අවම කරගැනීම හා ආවේක්ෂණ කටයුතු විධිමත් කිරීමට ද මෙහිදී යෝජනා වූ අතර, රෝගී ප්‍රදේශ තුළ මෙන්ම අනෙක් සියළු ප්‍රදේශ තළල ද රෝගයෙන් ආරක්ෂා වීමට අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබදව ද අවධානය යොමු කරන ලදි.
මෙම සාකච්ඡාවට දිවයින පුරා සිටින විශේෂඥ වෛද්‍යවරු විශාල පිරිසක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.