කෝවිඩ් - 19 පාලනය කර ගැනීමට නොහැකි වීම නිසාවෙන් හා සෞඛ්‍ය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මාස 17ක් වැනි කාලයක් බලයේ රැදී සිටි මැලේසියාවේ අගමැති මුහුදීන් යාසීන් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය (16) දා ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වේ.
ඊයේ පෙරවරුවේ සිය අවසන් කැබිනට් හමුම පවත්වා සවස්වරුවේදී එරට රූපවාහිනය හරහා ජනතාව අමතා ධූරයෙන් ඉවත්වුනු අගමැතිවරයා,පාර්ලිමේන්තුව තුළ බහුතරය දිනා ගැනීමට නොහැකි වීමෙන් තමන් ප්රමුඛ රජය ඉල්ලා අස් වන බවට සඳහන් කර තිබේ.
අගමැති මුහුදීන් එතෙක් මෙතෙක් මැලේසියාව තුළ අඩුම කාලයක් අගමැති ධූරය දැරූ තැනැත්තා බවට පත් විය.