දිවයින පුරා පිහිටි ආර්යුවේද රෝහල් 50ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදාගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (23) පැවැති විශේෂ සාකච්ඡාවක දී එම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේය.
ආර්යුවේද රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්කිරීම සමඟ ඇඳන් 3,500ක සංඛ්‍යාවක් කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා යොදාගැනීමේ හැකියාව පවතී.
අදාළ ආර්යුවේද රෝහල්වල සේවය කරන සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා කොවිඩ් ප්‍රතිකාර සේවාවන් පිළිබඳ විධිමත් පුහුණුවක් ලබාදීමටත් එම කාර්යය මණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබාදීමටත් අද පැවැති සාකච්ඡාවේ දි තීරණය වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.