කොවිඩ් පැතිරීම වැළැක්වීමට පියවර ගන්නා බවත් සියලු දෙනා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් දෙවැනි රැල්ලට සාර්ථකව මුහුණ දිය හැකි බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.
"අද ලෝකය පුරා කොවිඩ් දෙවන රැල්ලක් පැතිර යනවා. මෙයට බල පා තිබෙන්නේ වඩා වේගයෙන් බෝවෙන කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයක් බව හඳුනාගෙන තිබෙනවා. එය ලෝකයේ සෑම රටකටම අළුත් අභියෝගයක් වුනත් මෙවර අපට කලින් වතාවේ ලද අත්දැකීම් ප්‍රයෝජනයට ගත හැකියි.
පරීක්ෂණ ධාරිතාව වැඩිකිරීම, ආසාධිතයන් මෙන්ම ආශ්‍රිතයන් කඩිනමින් හඳුනා ගැනීම, නිවැරදි නිරෝධායන ක්‍රම භාවිතය, අවදානම් සහගත ප්‍රදේශ පමණක් වෙන් කොට අන් ප්‍රදේශ වල සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම වැනි කරුණු වලදී මේ අත්දැකීම් විශේෂයෙන්ම උපකාර වෙනවා.
කලින් වතාවේ මෙන්ම මෙවරත් අපි ක්‍රියාකරන්නේ සැලැස්මක් ඇතුවයි. රෝගය පැතිරීම සාර්ථකව පාලනය කරනවාට අමතරව රෝගය වැලඳුන බවට හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුකල අයගෙන් මරණ සංඛ්‍යාව 0.05 % කට වඩා අඩු අගයක පවත්වාගැනීමට අපේ සෞඛ්‍ය අංශ සමත් වෙලා තිබෙනවා.
ඒ නිසා අපි සියලුදෙනාම සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිළිපදිමින් වගකීමෙන් ක්රියාකලහොත් පලමු කොරෝනා රැල්ලට සාර්ථකව මුහුන දුන්නාක් මෙන් ඉදිරි කාලයේදී මේ අළුත් තත්වයත් අපට පාලනය කර ගන්නට පුලුවන්."