කොරෝනා වෛරසය හේතුවෙන් විදේශ රටවල රැකියා සඳහා පිටත්වීම තාවකාලිකව කල් දැමීම සුදුසු යැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි. ශ්‍රමිකයින් එම රටවල රැකියාවලට යොමුවන්නේ නම්, සෞඛ්‍ය අංශවල උපදෙස් තරයේ පිළිපදින මෙන්ද කාර්යාංශය රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටියි.
මේ සම්බන්ධව තොරතුරු ලබාගැනීම සඳහා එම රටවල තානාපති කාර්යාල විශේෂ දුරකථන අංකයන්ද හඳුන්වා දී ඇතැයි කාර්යංශය සඳහන් කරයි.
මේ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 1989 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන්ද අවශ්‍ය උපදෙස් ලබාගත හැකිය.