කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඉරානයේ වයසක පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් මැදපෙරදිගින් වාර්තා වූ පළමු මරණ මෙය වෙයි.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරට දකුණින් පිහිටි නගරයක මෙම වයෝවෘද්ධ පුද්ගලයන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මියගිය පුද්ගයන් පිළිබඳව වැඩි තොරතුරු වාර්තා නොවෙයි. මැදපෙරදිග කලාපයෙන් වාර්තා වූ පළමු කොරෝනා 19 ආසාදිත රෝගියා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වාර්තා විය.
මේ වන විට කෝවිඩ් 19 හේතුවෙන් මරණ සංඛ්‍යාව 2000 ඉක්මවා ඇතිව තිබෙන අතර ආසාදනය වූ සංඛ්‍යාව 70000 ඉක්මවා තිබේ.